gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවට පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හොයන්න බෑ... හෙව්වොත් එයාලාමයි මාට්ටු වෙන්නෙ - නලින් (video)

වත්මන් රජයට පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සෙවීමට කිසිදු වුවමනාවක් හෝ හැකියාවක් නොමැති බවත් එම ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් හෙළිදරව් නොකර ආණ්ඩුව එයින් ලිස්සා යමින් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. 

නීතිය හැමෝට ම එකයි…ස්ටාලින්, ලෙනින් කාල්මාක්ස්, හංසමාලි, සියල්ලටම එක නීතියයි - ඇමතිනී පවිත්‍රා

කිසිවෙකු සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩීමට කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

ජාතික කණ්ඩායමේ ක‍්‍රිඩකයෝ ශ‍්‍රී ලංකා ලාංජනය ඇදුමට දාන්න බෑ කියති

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පුහුණුවීම් සිදු කරද්දී ශ්‍රී ලංකාවේ ලාංඡනය එම ඇඳුම් වලට එක් කිරීමට විරෝධය පල කර ඇතැයි ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.

ක‍්‍රීඩක කොන්ත‍්‍රාත්තු අත්සන් කිරීමට නීතිඥයන් හරහා වර්තමාන ක්‍රීඩකයන් කොන්දේසි දමා ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

නව අගමැති සම්බන්ධීකරණ ලේකම් කෞෂි නිසා අගමැති මැදුර නොසන්සුන් !

කෞෂි වෙඩිකාරආච්චි මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරියක් වශයෙන් මෑතක දී පත් කරන ලදී.

එම පත්වීම හේතුවෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකු දැඩි නොසන්සුන් තාවයට පත් ව සිටින බව වාර්තාවෙයි.

හාල් ගන්න කඩේට ගියාම හැම මනුස්සයෙක්ම ජනපතිටයි ආණ්ඩුවටයි බනිනවා - ඇමති බන්ධුල

අවශ්‍ය නීති සංශෝධනය කිරීමෙන් අනතුරුව ඉදිරි කන්නයේ සිට වසර තුනක් දක්වා කාලයකට නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 100කට අඩු මිලකට ලබාදීමේ වගකීම තමන් භාරගන්නා බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. 

15 හැවිරිදි දැරිය අපයෝජනයට මගේ කිසිම සම්බන්ධයක් නෑ. චරිතය ඝාතනය කරන්න එපා - කොටුවේ පොඩි සාදු (video)

15 හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට තමන්ගේ කිසිදු අදාළත්වයක් නොමැති බවත් එවැනි අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ගෙනගිය පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අත්තරගම පඤ්ඤාලෝක හිමි හෙවන් කොටුවේ පොඩි හාමුදුරුවන් පවසයි. 

රාජ්‍ය අමාත්‍යංශ දෙකක සංශෝධන - ශෂේන්ද්‍ර, මොහාන් යළි දිවුරුම් දෙයි !

ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව රාජ්‍ය අමාත්‍යංශ දෙකක කාර්යයන් හා විෂයපථ සංශෝධනය කර තිබිණි. ඒ අනුව අදාල අමාත්‍යංශ දෙකේ රාජ්‍ය අමාත්‍යවරුන් අද යළිත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරුවකු ඔස්ටේ‍්‍රලියාවේදී අල්ලයි

පාස්කු ප‍්‍රහාරයේ තවත් මහමොළකරුවකු වූ ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර පදිංචි අහමඞ් ලූක්මාන් තාලිබ් වසර 2 යි මාස 2 කට පසු ඔස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙල්බර්න්හි මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය තාලිබ් අයිසිස් සහ අල්කයිදා සංවිධානවලට සහය වී ඇතැයි ඔස්ටේ‍්‍රලියානු විමර්ශකයන් විසින් සොයාගෙන තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවත්සරය වෙනුවෙන් ලංකාවෙන් රුපියල් දහසේ කාසියක් !

ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් රුපියල් දහසේ සමරු කාසියක් නිකුත් කර තිබෙනවා.

පාලනය කළේ නැත්නම් තව සති 2කින් ලංකාවත් ඉන්දියාව වගේ වේවි! වෛද්‍ය පද්මා ගුණරත්න අනතුරු අඟවයි!

කොවිඩ් රෝගය පාලනය කිරීමට කළ යුතු වැඩපිළිවෙළ තවදුරටත් උනන්දුවෙන් සිදුකිරීම ඉතාම වැදගත් බවත්, එමේ නොවුණහොත් ඉන්දියාවට සිදුවූ දේ ලංකාවටද සිදුවීම ‌නොවැළැක්විය හැකි බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.

ආණ්ඩුවේ අධිකාරියක ලොක්කාට කෝටි 8ක වාහනයක් !

රජයට සම්බන්ධ අධිකාරියක ප්‍රධානියා සඳහා රුපියල් කෝටි 8ක මුදලක් වැයකර පාවිච්චි කළ වාහනයක් වහාම මිල දී ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

සුඛෝපභෝගී වාහන ගෙන්වීම රජය මගින් අත්හිටුවා තිබෙන නිසාත්, අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීමේ අපහසුවක් නිසා මෙම අධිකාරිය යටතේ පවත්නා රාජ්‍ය සමාගමක් මෙම සභාපතිවරයා සඳහා වාහනය මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

චමුදිත ඝාතන කුමන්ත‍්‍රණයක් ! පියුමි හංසමාලී අපරාධ කොට්ඨාශයට කැදවයි - (video)

නිරූපණ ශිල්පී පියුමී හංසමාලී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කැඳවා ප‍්‍රශ්න කර තිබේ.

ඇය සඳහන් කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව මෙම කැඳවීම කර තිබූ බවයි.

රාජපක්ෂවරු රටට ශාපයක්, තව අවුරුදු 3කින් කියයි නාමල් පුතා නිසා තමයි යුද්දෙ දින්නෙ කියලා - (video)

මාධ්‍යය හමුවකදී මාධ්‍යයවේදියෙකු අසන ලඳ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙන්  පාඨලී චම්පික රණවක මහතා  සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ මවුබිමට එනම් ඇමෙරිකා එක්සත් ජනපදයට අප්‍රේල් මසයේ පිටපත් වූ බවත් මේ වන විට සංචාරයක් සඳහා ලංකාවට පැමිණ තිබෙන බවත් එසේ මවුබිමට යෑමට පෙර ආර්ථික කාර්යසාධන බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කල තිබුන බවත් පැවසීය.

ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඈත් කිරීමේ වගකිවයුත්තා බැසිල් රාජපක්‍ෂයි.. ඔහු ආවා කියා විශ්මකර්මයක් වෙන්නෙ නෑ - රෝහණ ලක්ෂ්මන්

වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඈත්කර වීමේ ප්‍රධාන වගකිවයුත්තා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි. මහනුවර දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු මෙම අදහස් පළ කලේය.

ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. ඔවුන් ක‍්‍රීඩා කලේ වාර්තා වෙනුවෙන් - අර්ජුන

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීම ඇරඹුණේ දෙවෙනි කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

මහේල සංගක්කාර ක‍්‍රීඩා කරන කාලයේදී දෙවැනි පෙළක් නොහැදීම හේතුවෙන් අද තත්ත්වයට ක්‍රිකට් කඩා වැටී ඇතැයි ද ඔහු කියා සිටී.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ගෙන එන විශේෂ විධිවිධාන පනත දේශද්‍රෝහී ක‍්‍රියාවක් – ඕමල්පේ සෝභිත හිමි

රටේ නඩු විමසීම සූම් තාක්‍ෂණය ඔස්සේ සිදුකිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ගෙන එන විශේෂ විධිවිධාන පනත දේශද්‍රෝහී ක‍්‍රියාවක් බව රට දැනගත යුතුව ඇතැයි රාමඤ්ඥ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආාර්ය  ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (01දා) පැවැසුහ.

භයානක අලුත් සතුරෙක් කැරකෙනවා! ඉදිරි සති 10 තීරණාත්මකයි!! සුදර්ශනී අනතුරු අඟවයි!!!

ආරක්ෂිත ක්‍රමවේද භාවිත නොකරන්නේ නම් තවත් සති 10ක කාලයක් තුළ ලංකාවේ පැතිර යන ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්විය හැකි බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අනතුරු අඟවා සිටී.

දුමින්දට සමාව දුන්නේ නීතියට අනුවද? කොළඹ නීතීඥ සංගමයට ප්‍රශ්නයක්!

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදී  අත්තනෝමතික සහ තෝරගත් පරිදි  ක්‍රියාත්මක නොකළ යුතු බව කොළඹ නීතිඥ සංගමය (කලම්බු ලෝ සොසයිටි) නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka