gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරුවකු ඔස්ටේ‍්‍රලියාවේදී අල්ලයි

පාස්කු ප‍්‍රහාරයේ තවත් මහමොළකරුවකු වූ ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර පදිංචි අහමඞ් ලූක්මාන් තාලිබ් වසර 2 යි මාස 2 කට පසු ඔස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙල්බර්න්හි මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය තාලිබ් අයිසිස් සහ අල්කයිදා සංවිධානවලට සහය වී ඇතැයි ඔස්ටේ‍්‍රලියානු විමර්ශකයන් විසින් සොයාගෙන තිබේ.
 
2010 වසරේදී මාවින් මර්මාරා නාමයෙන් ගාසා ප‍්‍රදේශයට සහනාධාර මුවාවෙන් අවි ප‍්‍රවාහනයේ යෙදී සිටි තාලිබ් ඊශ‍්‍රායල් කමාන්ඩෝ භටයන්ගේ වෙඩි ප‍්‍රහාරයකින් තුවාල ලබා ඇත. එහෙත් ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශවලට එම තොරතුරු හෙළි වී නැත.
 
තාලිබ්ගේ අයිසිස් සබඳතා ගැන හෙළිකර ඇත්තේ ඔස්ටේ‍්‍රලියානු පොලිස් අත්අඩංගුවේ සිටින තවත් අයිසිස් කි‍්‍රයාකාරියකු ලබාදුන් සාක්කි වලිනි.
 
ලූක්මාන් තාලිබ් නැමැත්තා ඔස්ටේ‍්‍රලියාවේදී අබ්දුල්ලා හෙවත් බ්ලූ අයිස් නැමැති අයිසිස් නායකයකු සමග ද රහස් සාකච්ඡුාවක් පවත්වා ඇතැයි පොලිස් පරීක්‍ෂකයන් සොයාගෙන ඇත.
 
මේ අතර ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ තාලිබ්ගේ මැණික් ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් අල්කයිඩා සංවිධානයේ කටයුතු සඳහා ලබාදී ඇති බවයි.
 
මොහුගේ නීතිවේදීන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ඔස්ටේ‍්‍රලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඬේවිඞ් බොඞ්ඩයිස් විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.
 
මේ අතර අයිසිස් සංවිධානයට සහාය දීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි තාලිබ්ගේ පියා වූ මහාචාර්ය තාලිබ්, කටාර් රජය විසින් ඔස්ටේ‍්‍රලියාවට පිටුවහල් කර තිබේ.
 
මේ ගැන මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ ලූක්මාන් නමැති මහාචාර්යවරයා සහ ඔහුගේ පුත් අහමඞ්, පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු හෙළිවී ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය
දිවයින 

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka