gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සැප්තැම්බරයේ සිට සතියකට රුසියානු සංචාරකයන් 1000 ක් ගෙන ඒමට උදයංග පොරොන්දු වෙයි

එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට, මසකට රුසියානු සංචාරකයන් දහස බැගින් ගෙන ඒමට, හිටපු රුසියානු තානාපති, උදයංග වීරතුංග පොරොන්දු වී තිබේ.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක්, ජූලි තිස්වනදා මොස්කව් බලා පියාසර කරන අතර, එම ගුවන් යානය, නැවත අගෝස්තු පළමු වන දා, රුසියානු සංචාරකයන් ද සමගින් දිවයිනට පැමිණීමට නියමිත ය.

සැප්තැම්බර් මාසයේ සිට, සතිපතා, මොස්කව් සිට මෙරටට ගුවන් ගමන්වාර හතරක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර, ඒ අනුව, එක් සතියක දී රුසියානු සංචාරකයන් දහසක් මෙරටට පැමිණීම අපේක්ෂා කරන බව උදයංග වීරතුංග පවසයි.

-headlinenews
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka