gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගුරු විදුහල්පති වැටුප් වැඩිවීම් නෑ… කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කරයි

ගුරු විදුහල්පති වැටුප්වල කිසිදු වැඩිවීමක් සිදු නොකිරීමට කැබිනට් මණ්ඩලය එක්මතිකව තීරණය කළ බව ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ මාධ්‍යයට ප්‍රකාශ කළේය.

මෙම වැටුප් ප්‍රශ්නය පසුගිය ආණ්ඩුවේ සිට පැවත එන්නක් බවත් ලෝකයම බරපතල කොවිඩ් අර්බුදයක ගිලී ඇති මේ අවස්ථාවේ රටේ පවතින ආර්ථික තත්වය අනුව කිසිම ආකාරයක වැටුප් වැඩිවීමක් කිරීමට හැකියාවක් නැති බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ඇමතිවරයා කීවේය.

දිනක් තුළ මුද්‍රණය කළ වැඩිම මුදල් තොගය නිකුත් කරයි! බිලියන 213.48ක්!

මේ වසරේ දිනක් තුළ මුද්‍රණය කළ වැඩිම මුදල් තොගය ඊයේ (28) නිකුත් කර තිබේ.
ඒ අනුව ඊයේ දිනය තුළ රුපියල් බිලියන 213.48 ක් නිකුත් කර ඇති බව මහ බැංකු වාර්තාවල සඳහන් විය.

පෙරේදා දිනය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 01 ක විදේශ ණයක් ගෙවීමෙන් පසුව මෙම මුදල් තොගය නිකුත් කර තිබේ.

ආරක්‍ෂාව සමග නිල් මැණික් පොකුරට විශේෂ ගුවන් යානයක් !

පැල්මඩුල්ල ප‍්‍රදේශයෙන් හමුවූ ලොව විශාලතම මැණික් පොකුර (සෙරන්ඩිප් නිල් මැණික් පොකුර) විදේශයක වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට විශේෂ ගුවන් යානයක්,  ආරක්‍ෂාව සහ පූර්ණ රාජ්‍ය මැදිහත්වීම ලබාදිය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වෙත ප‍්‍රකාශ කර ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ඊයේ (28 දා) පැවසීය.

රන්ජන්ට ජනපති නිදහස් අහිමි වෙයි? ඇමතිගෙන් ප්‍රකාශයක් !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලදව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිර දඬුවම් ලබාදී සිටින රන්ජන් රාමනායක මහතාට නිදහස් ලබාදීමට තරම් හේතුවක් මෙතෙක් කිසිවෙකුත් විසින් ඉදිරිපත් කර නැති බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසා තිබෙනවා.

සැප්තැම්බරයේ සිට සතියකට රුසියානු සංචාරකයන් 1000 ක් ගෙන ඒමට උදයංග පොරොන්දු වෙයි

එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට, මසකට රුසියානු සංචාරකයන් දහස බැගින් ගෙන ඒමට, හිටපු රුසියානු තානාපති, උදයංග වීරතුංග පොරොන්දු වී තිබේ.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක්, ජූලි තිස්වනදා මොස්කව් බලා පියාසර කරන අතර, එම ගුවන් යානය, නැවත අගෝස්තු පළමු වන දා, රුසියානු සංචාරකයන් ද සමගින් දිවයිනට පැමිණීමට නියමිත ය.

ජනපති පත්කල රක්‍ෂණ සභාපති පාරේ.. අස්කල ජගත් වැල්ලවත්ත තවමත් බලෙන් සභාපති පුටුවේ !

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත් කරන ලද ජගත් වැල්ලවත්ත මහතා තවදුරටත් එහි සභාපති ධූරයේ කටයුතු කරමින් සිටීම සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙළේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. ඔහු ධුරයෙන් ඉවත් කරන ලද බව දැනුම් දී අධ්‍යක්ෂ මණ්ඩල හමු පවා කැඳවා ඇති බව වාර්තා වී ඇත.

ගල් ගසා මරන අරාබි නීති ලංකාවට ගෙන ආ යුතුයි - වඩිවේල් සුරේෂ්

දැරියන් දූෂණය කරන සල්ලාලයන්ට සෞදි අරාබිය ලබාදෙන දඬුවම් දීමට පාර්ලිමේන්තුවට නීති ගෙන ආ යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කරයි.

එම වරද සම්බන්ධයෙන් වරදකරුවන් වන අයට සෞදි අරාබියේ මෙන් ගල් ගසා මරා දැමිය යුතු බවත් ඔහු පැවසීය.

උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් අත්අඩංගුවට !

ටෙලි නාට්‍ය නිළියක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනීයක වන උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය (පබා) මහනුවර ප්‍රදේශයේදී  රිය අනතුරක් සිදු කිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි පෙරේදා (24) රාත්‍රී වාර්තා විය.

පසුගිය සෙනසුරාදා (24) රාත්‍රී 11 ට පමණ මහනුවර සිට කුරුණෑගල දෙසට ඇය පදවමින් සිටි මෝටර් රතයේ යතුරු පැදියක් ගැටී ඇති අතර අනතුරින් තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කරන්නට සිදුවිය.

“කොවිඩ් අලුත් තත්වය තේරුම් නොගතහොත් ලංකාවත් බරපතල ව්‍යසනයකට ගොදුරුවෙන්න ඉඩ තියෙනවා” - විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

කොවිඩ් අලුත් තත්වය තේරුම් නොගෙන මේ වනවිට සිදුවන නොසලකා හැරීම් නිසා ලංකාවත් බරපතල ව්‍යසනයකට ගොදුරුවීමේ ඉඩක් ඇති බව ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම්, වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පවසයි.

රිෂාඩ්ගේ ගෙදර සිටි ‘තවත් සේවිකාවන් දෙදෙනෙක්’ හදිසියේ මැරිලා !

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි දැරියක් පිළිස්සී මියයාම සම්බන්ධයෙන් මේවනවිට ප්‍රකාශ 36ක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

"සිහින තිබුණට කෝටියක් මොළේ නැහැ එක බිංදුවක්" - සජිත් ගැන තෙවරප්පෙරුමගේ විග්‍රහය - (video)

සමඟි ජන බලවේගය විසින් තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ගැන ඊයේ (22) දිනයේදීත් දේශපාලන වේදිකාවේ කතා බහට ලක් විය.

උණුසුම් වූ ගුරු විරෝධය මැදට ආ සේනාධිපතිට සිද්ධ වෙච්ච දේ මෙන්න... මෝටර් රථයේ ටයරයක හුළං යවන්නත් හදලා - (video)

ඊයේ (22) දිනයේ කොළඹ කොටුව වෙත රැස්වූ ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති විසින් දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර තිබුණා.

එම විරෝධතාකරුවන් පසුව කොළඹ කොටුවේ සිට ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පාගමනින් යෑමට කටයුතු කරනු ලැබුවා.

කොතලාවල පනත 03 වැනිදා සම්මත කරනවා - ජනපති

මතභේදයට තුඩු දී ඇති කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත අගෝස්තු මස තුන් වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.

තීරණය මහේලගේ අතේ! ජාතික කණ්ඩායම භාර දීමට ක්‍රිකට් ආයතනය සුදානම් !

විදේශ පුහුණුකරුවන් ගෙන ඒමට තමන්ගේද වැඩි කැමැත්තක් නොමැති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසා සිටිනවා.

නමුත් විදෙස් පුහුණුකරුවන් ගෙන ඒමට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තුළ ඇතිවූ ගැටලු බවද අරවින්ද සිල්වා මහතා පවසා සිටිනවා.

රට හැමදාම වහගෙන ඉන්න බෑ…කොහෙන්ද එතකොට සල්ලි හම්බවෙන්නේ – ඇමතිනි සුදර්ශනී (video)

පවතින කොවිඩ් තත්ත්වයට හුරුවෙමින් ජීවිත්වීමට ඉගෙන ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

ඊයේ (19) කොළඹ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසූවාය.

ගම්මන්පිලගේ විශ්වාසභංගයෙන් ආණ්ඩුව බේරගන්න රනිල්ගෙන් අද පාර්ලිමේන්තුවට යෝජනාවක්! ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ගැන විපක්ෂය සීරුවෙන්!

-
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව ගලවා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (19) දිනයේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

15 හැවිරිදි දැරිය අපයෝජන කළ අයගේ ලිස්ට් එක දැම්මෙ මම කියා ඔප්පු කළොත් උලපනේ හිමිට ලක්ෂ 5000ක් පූජා කරනවා - ඉරාජ්

15 හැවිරිදි දැරිය අපයෝජන කළ අයගේ යයි මඩ ලැයිස්තුවක් තමාගේ වෙබ් අඩවියක් හරහා පළ කළ බවට වැරදි ආරංචියක් පැතිර යන බවත් ඒ බව කියමින් ස්වාමීන් වහන්සේ නමක් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද කර ඇති බවත් ගායක ඉරාජ් වීරරත්න පවසයි.  

යාල වනෝද්‍යානය විනාශ කරන්නේ දැවැන්ත නිධානයක් ගොඩගන්නද?

යාල වනෝද්‍යානය තුළ දැවැන්ත නිධානයක් ගොඩ ගැනීම සඳහා රහසිගත සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි තොරතුරු පැතිර යමින් ඇති බව සමගි ජනබලවේගය පාර්මේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි. මේ වන විට යාල වනෝද්‍යානය තුළ තෝරාගත් ප්‍රදේශයක විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka